2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 13 වැනිදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.
එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තා වන අතර ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 13 වනදා කැඳවීමට අධිකරණය නියම කර තිබෙනවා.
2016 පෙබරවාරි 6 වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් කොළඹ තුන් මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තුළින් මාර්ග අවහිර කොට මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙන අතර මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන්.

මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට
දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට කළ දැනුම්දීම
චාමර සම්පත්ට රට යන්න අවසර
ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය