කිරින්ද වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මුහුදු රළට හසුව ගසාගෙන ගිය 14 හැවිරිදි පාසල් සිසුවියකගේ ජීවිතය බේරා ගැනීමට තැත් කළ 56 හැවිරිදි විදුහල්පතිවරයෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ මොනරාගල, බඩල්කුඹුර වයිකුඹුර දෙමළ විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක් ඉකුත් 25 වැනිදා සවස තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරය නැරඹීමට පැමිණ ඇති බවයි.
එහිදී දරුවන් වෙරළේ දිය නාමින් සිටියදී එක් සිසුවියක් හදිසියේම ප්‍රබල මුහුදු රළකට හසුවී දියේ ගිලෙන්නට පටන් ගෙන ඇත.
එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ විදුහල්පතිවරයා තම ජීවිත අවදානම ද නොතකා සිසුවිය බේරා ගැනීම සඳහා මුහුදට පැන තිබේ. කෙසේ වෙතත්, දැඩි දියවැැලට හසුවීමෙන් සිසුවිය සහ විදුහල්පතිවරයා යන දෙදෙනාම දියේ ගිලී ඇත.
අනතුර දුටු වහාම ක්‍රියාත්මක වූ කිරින්ද පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි වෙහෙසක් දරා දියේ ගිලුණු දැරිය සහ විදුහල්පතිවරයාව මුහුදෙන් ගොඩට ගෙන තිබේ. අනතුරුව ඔවුන් දෙදෙනාම කඩිනමින් ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වනවිටත් විදුහල්පතිවරයා අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පිළිමල, අලුපොත, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි විදුහල්පතිවරයායි. අනතුරෙන් දිවි බේරුණු 14 හැවිරිදි සිසුවිය මේ වනවිට දෙබරවැව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට
ජනපතිගෙන් දැඩි තීරණයක්
අගමැතිනියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත් ගැන දැනුම්දීමක්
සුරාසැල් වැසෙන දින මෙන්න
වාහන මිලෙහි වෙනසක් සිදුවන ලකුණු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්
මෙරටින් හමු වූ මෙනින්ජයිටීස් රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා යයි
වෙසක් උත්සවය වෙනුවෙන් වැසෙන ස්ථාන හා දින පිළිබඳව දැනුම්දීමක්
බැංගලෝරයට IPL අවසන් තරගයේ දොරටු විවර වෙයි
ඩොලරය යළිත් ඉහළට! 330 සීමාව ඉක්මවා යයි!
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට! චීන්නුන්ගෙන් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලලා!
රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹෙයි