රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධී ලෙස තම භාරයේ තබා ගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා (OIC) වැලිකඩ ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටියදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, මීට පෙර රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීත්‍යානුකූලව අධිකරණයට ඉදිරිපත් නොකර ස්ථානාධිපතිවරයා සන්තකයේ තබාගෙන තිබේ. පසුව එම ගමන් බලපත්‍ර නැවත ලබාදීමට නම් එක් චීන ජාතිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 බැගින් මුදලක් ලබාදිය යුතු බවට ඔහු කොන්දේසි පනවා ඇත.
මෙම අල්ලස් මුදල සෘජුව ලබා නොගෙන, අතරමැදි කාන්තාවක මාර්ගයෙන් උපක්රමශීලීව ඉල්ලා සිටීමට ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට
ජනපතිගෙන් දැඩි තීරණයක්
අගමැතිනියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත් ගැන දැනුම්දීමක්
සුරාසැල් වැසෙන දින මෙන්න
වාහන මිලෙහි වෙනසක් සිදුවන ලකුණු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්
මෙරටින් හමු වූ මෙනින්ජයිටීස් රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා යයි
වෙසක් උත්සවය වෙනුවෙන් වැසෙන ස්ථාන හා දින පිළිබඳව දැනුම්දීමක්
බැංගලෝරයට IPL අවසන් තරගයේ දොරටු විවර වෙයි
ඩොලරය යළිත් ඉහළට! 330 සීමාව ඉක්මවා යයි!
රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹෙයි
ශ්‍රී ලංකාව පිළිබඳ තීරණාත්මක IMF සමාලෝචනය අද