Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුරාසැල් වැසෙන දින මෙන්න

3 hours ago

උදාවන 2026 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල්, මස් මාංශ අලෙවිසැල්, සතුන් ඝාතනය කරන ස්ථාන මෙන්ම සූදු සහ රාත්‍රී විනෝදාස්වාද ශාලා විශේෂ දින කිහිපයක් පුරා වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න බණ්ඩාර මහතා සඳහන් කළේ, මැයි මස 30 වැනිදා සහ 31 වැනිදා යන දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ අතර මැයි මස 30, 31 සහ ජූනි මස 01 යන තෙදින පුරා දිවයිනේ සියලුම මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මස් මාංශ අලෙවිසැල් සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කළා.

එමෙන්ම, මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් තුළ ද මෙම දින තුනෙහි මස් මාංශ අලෙවි කිරීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අදාළ අංශවලින් ඉල්ලා තිබෙනවා.

මීට අමතරව, වෙසක් උත්සව සමයේ ආගමික වතාවත්වලට මුල්තැන දීම උදෙසා දිවයින පුරා ක්‍රියාත්මක වන රේස් බුකි, කැසිනෝ ශාලා  සහ රාත්‍රී සමාජ ශාලා ද එකී දින කිහිපය තුළ වසා තැබීමට අවශ්‍ය කටයුතු වහාම සම්පාදනය කරන ලෙස අදාළ බලධාරීන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නියෝග කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *