Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් සංගම්වල ඉල්ලීමට ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්

33 minutes ago

ඉන්ධන මිල ගණන් ඉහළ ගියද මේ අවස්ථාවේ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනය කරනු ලබන්නේ ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධන සමීකරණයට අනුව බවය.

ඒ අනුව, ඉන්ධන මිල වෙනස්වීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් එම වෙනස සියයට 4කට වැඩි මට්ටමක තිබිය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

“තෙල් මිල වැඩිවීමත් එක්ක බස් ගාස්තු වැඩිවීමක් වෙන්නේ නැහැ. බස් ගාස්තු වැඩිවෙන්නේ සමීකරණයට අනුවයි. ඒ අනුව සියයට 4කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල වෙනස් වුණොත් විතරයි බස් ගාස්තු සංශෝධනය කරන්නේ. මෙවර ඉන්ධන මිල වැඩිවීම එම සීමාව ඉක්මවා නැති නිසා බස් ගාස්තු වැඩි කිරීමක් සිදු වෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *