ඉන්ධන මිල ගණන් ඉහළ ගියද මේ අවස්ථාවේ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනය කරනු ලබන්නේ ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධන සමීකරණයට අනුව බවය.
ඒ අනුව, ඉන්ධන මිල වෙනස්වීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් එම වෙනස සියයට 4කට වැඩි මට්ටමක තිබිය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
“තෙල් මිල වැඩිවීමත් එක්ක බස් ගාස්තු වැඩිවීමක් වෙන්නේ නැහැ. බස් ගාස්තු වැඩිවෙන්නේ සමීකරණයට අනුවයි. ඒ අනුව සියයට 4කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල වෙනස් වුණොත් විතරයි බස් ගාස්තු සංශෝධනය කරන්නේ. මෙවර ඉන්ධන මිල වැඩිවීම එම සීමාව ඉක්මවා නැති නිසා බස් ගාස්තු වැඩි කිරීමක් සිදු වෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්