Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නව ජල ගාස්තු - Water bill

ජල බිලෙහි වැඩිවීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

28 minutes ago

සිදු වූ විදුලි බිල උච්චාවචනය හමුවේ ඉදිරියේදී ඉතාම සුළු ප්‍රමාණයකින් ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (02) පැවැති නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ නිල උත්සවයකට සහභාගි වෙමින් අදහස් දැක්වූ අවස්ථාවේදීයි.

වර්තමාන විදුලි බිල උච්චාවචනය වීම් ජල ගාස්තුව කෙරෙහි තදින් බල නොපාන බවත්, ජල ඒකකයක මිල කෙරෙහි ඉන් ඇති වන බලපෑම ඉතාමත් අවම අගයක් ගන්නා බවත් ඔහු පෙන්වාදෙනවා.

ජල බිල සහ විදුලි බිල අතර පවතින සැබෑ තාක්ෂණික සබැඳියාව පිළිබඳව එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා සඳහන් කළේ,  ජල බිල පිළිබඳව සලකා බලීමේදී, ජල සැපයුම සඳහා වැය වන සමස්ත පිරිවැයෙන් විදුලි පිරිවැය වෙනුවෙන් වැය වන්නේ 12%ක වැනි ප්‍රමාණයක් පමණක් බවයි.

වර්තමානයේ සිදුව ඇති විදුලි බිල ඉහළ යෑම බලපානු ලබන්නේ එම 12%ක පිරිවැය කොටසට පමණක් බව පැවසූ සුසිල් රණසිංහ මහතා,  සිදු කර ඇති ගණන් බැලීම්වලට අනුව එම 12%ක කොටසෙන් ඉහළ ගොස් ඇත්තේ 18%ක වැනි ප්‍රමාණයක් බව එහිදී කියා සිටියා.

ඒ අනුව 12%න් 18%ක් යනු ඉතා සුළු මුදලක් බවත් එබැවින් ජල බිලෙහි සිදුවන වෙනස ගණනය කළ යුත්තේ එම 12%න් 18%ක ප්‍රමාණය පදනම් කරගනිමින් බවත් අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

 ඒ අනුව ජල ඒකකයකට වෙනස් වීමට නියමිත වන්නේ ද එම කොටස පමණක් වන අතර, එය සැබවින්ම ඉතාම අවම අගයක් බව සුසිල් රණසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *