‘ මිතුරු පුරවර ‘ වැඩසටහන යටතේ නගර 25 ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026 වසරේ අයවැය යෝජනා අනුව නගර සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ යටතේ ‘ මිතුරු පුරවර ‘ නමින් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. ‘ මහජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ පහසුව සහ යහ පැවැත්ම සඳහා කුඩා නගර සංවර්ධනය කිරීම’ යන ප්‍රධාන අරමුණ සහිතව එම වැඩසටහන මඟින් දිවයිනේ තෝරා ගත් නගර 25 ක් සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් බැගින් හඳුනා ගෙන එම කාර්යය 2026 වර්ෂය තුළ අවසන් කිරීමට අපේක්ෂිතය.
ඒ අනුව, ‘ මිතුරු පුරවර ‘ වැඩසටහන යටතේ ආරම්භක අදියරේදී ක්‍රියාත්මක කිරීමට හඳුනා ගනු ලැබ ඇති නගර 23 ක් සඳහා වන යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 581 ක මුදල ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ වෙන් කරවා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගෝඨාභයට Online සාක්ෂි දීමට අවසර
තාප්පයක ගැටී ව්‍යාපාරිකයෙක් මරුට
කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට නවතම පහසුකමක්
ජල බිලෙහි වැඩිවීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
ප්‍රාදේශීය සභා සභාපතිගේ අත්සන හොරට යොදලා සේවකයෝ එකොළහකට පඩි ගෙවලා
එක් පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සඳහා මසකට 16,690ක් ප්‍රමාණවත්! නවතම වාර්තාවක් එළියට!
බස් සංගම්වල ඉල්ලීමට ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
ආනයන සීමා පනවනවාද? මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් 10ක් දිවයිනට ළඟා වෙයි
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරය තවත් ඉහළට
ඉන්ධන සහනාධාරය තවත් දෙන්න බෑ – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති