Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නගර 25 ක් සංවර්ධනයට දැවැන්ත මුදලක් වෙන් කරයි

2 minutes ago

‘ මිතුරු පුරවර ‘ වැඩසටහන යටතේ නගර 25 ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026 වසරේ අයවැය යෝජනා අනුව නගර සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ යටතේ ‘ මිතුරු පුරවර ‘ නමින් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. ‘ මහජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ පහසුව සහ යහ පැවැත්ම සඳහා කුඩා නගර සංවර්ධනය කිරීම’ යන ප්‍රධාන අරමුණ සහිතව එම වැඩසටහන මඟින් දිවයිනේ තෝරා ගත් නගර 25 ක් සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් බැගින් හඳුනා ගෙන එම කාර්යය 2026 වර්ෂය තුළ අවසන් කිරීමට අපේක්ෂිතය.

 ඒ අනුව, ‘ මිතුරු පුරවර ‘ වැඩසටහන යටතේ ආරම්භක අදියරේදී ක්‍රියාත්මක කිරීමට හඳුනා ගනු ලැබ ඇති නගර 23 ක් සඳහා වන යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 581 ක මුදල ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ වෙන් කරවා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *