ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පසුගියදා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විධායක කමිටු රැස්වීම සඳහා ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ඇරයුම් ලබා දී නොතිබුණු බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රිකට් පරිවර්තන කමිටුවක් (Transformation Committee) සහ බංග්ලාදේශය තුළ ක්‍රිකට් අතුරු කමිටුවක් (Ad-hoc Committee) ක්‍රියාත්මක වීම මීට ප්‍රධාන හේතුව බව සඳහන් වේ. සාමාන්‍යයෙන් රටක ක්‍රිකට් පරිපාලනය තුළ දේශපාලනමය හෝ අතුරු කමිටු බලපෑම් පැවතීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට පටහැනි කරුණක් ලෙස සලකනු ලබයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ දෙරටට එරෙහිව කිසිදු සම්බාධකයක් පැනවීමට අයි.සී.සී. කමිටුව තීරණය කර නොමැත. අයි.සී.සී. විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, ඔවුන්ගේ නියෝජිතයන් අදාළ රටවල පාර්ශවකරුවන් හමුවී දැනට පවතින ගැටලු සහ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර ඔවුන්ව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
කිරිඇල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවයි
දශකයකට පසු ප්‍රබලම එල්නිනෝ තත්ත්වය 2026 දී ?
කාලගුණය වෙනස් වෙයි! මි.මී. 100 ඉක්ම වූ තද වැස්සක්!
තෙල් නැවකට අමෙරිකාවෙන් Hellfire ප්‍රහාරයක්
බොරතෙල් මිල යළිත් කැපී පෙනෙන ලෙස ඉහළට
ගෝඨාභයට Online සාක්ෂි දීමට අවසර
නගර 25 ක් සංවර්ධනයට දැවැන්ත මුදලක් වෙන් කරයි
තාප්පයක ගැටී ව්‍යාපාරිකයෙක් මරුට
කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට නවතම පහසුකමක්
ජල බිලෙහි වැඩිවීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්