සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය යනු මේ වන විට නූතන හරිත විප්ලවය සිදු කරමින් පවතින ආයතනයකි
එම ආයතනය විසින් අක්කර 460කට ආසන්න ප්‍රමාණයක සමස්ත දිවයින පුරා සිය වගා ජාලය ව්‍යාප්ත කර ඇත.එහි නව්‍ය පියවරක් ලෙස සංචාරකයන්ට නවාතැන් ගැනීමේ දී වගා බිමක සුන්දරත්වයේ පහස විඳ ගන්නට අවස්ථාව සලසා දෙමින් අනුරාධපුර මහබුලන්කුලම ප්‍රදේශයේ පිහිටා ඇති සිලෝන් ග්‍රීන් ලයිෆ් එකෝ රිසෝට් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මහතා සහ ආයතන සමූහයේ අධ්‍යක්ෂිකා ඉරේෂා නිමන්තිකා වික්‍රමසිංහ මහත්මිය,හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මේ වන විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඉඩමේ පමණක් අක්කර හැටක භූමි ප්‍රමාණයෙන් සාර්ථක අඹ වගාවක්,පේර වගාවක්,අන්නාසි,තැඹිලි,පොල්, වගාවන් ආදී වගාවන් රැසක් මෙම භූමි භාගය පුරා විසිරී පවතී.
නවීන තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කර ගනිමින් විවිධ ව්‍යාපෘති හරහා මේ වනවිට දේශීය ගොවියා,කෘෂිකර්මාන්තය මෙන්ම දේශීය ව්‍යවසායකයා රැක ගැනීම සඳහා ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මහතා මහත් වෙහසක් ගනිමින් සිටී.
උත්සව සභාව අමතමින් ඔහු ප්‍රකාශ කළේ,
“දේශීය ගොවියාට විකුණ ගන්න බැරි ඕනම දෙයක් අපේ ආයතනයට ගෙනැවිත් දෙන්න.අපි ඒක මිළට අරන් අපි විකුණලා දෙන්නම්.ඒ වගේම සෑම අස්වැන්නකින්ම අගය එකතු කළ අතුරු නිෂ්පාදන කරන්න යොමු වෙන්න.අපි ඒවා මිළට ගන්නත් ඒවා ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා ගෙනියන්න අපි සූදානම්.අපි ආයතනයක් විදිහට ඒ වෙනුවෙන් බැඳිලා ඉන්නවා.ඒ වගේම නවීන තාක්ෂණික ක්‍රමවේදයක් යටතේ ලංකාවේ දිගම විශාල ටනල් එකක් තුළ (45KM) එළවලු වර්ග රැසක් වගා කිරීමට සූදානම්.ඒ මඟින් ලංකාවේ පවතින එළවළු හිඟය මඟ හරවා ගැනීම තමා අපේ අරමුණ..”
මෙම අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක,ආයතනික ඉහළ කළමණාකාරීත්වය ඇතුලු පිරිසක් එක්විය.

මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපරිකයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
වසර 25කට පෙර කළ පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ පස්දෙනෙකුට මරණ දඬුවම! එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඒ අතර!
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර සහිතව ලබන සඳුදා! අබිරහස සෙවීමට පුළුල් විමර්ශන!
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වෙනුවෙන් බාබඩෝස්හි ජාතික ශෝක දින 2ක්
පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
මේ ලාංඡනය නැත්නම් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සහ අලෙවිය තහනම්
රඛිත-චරිත් හරක්කටාගෙන් ගත්තු ලක්ෂ 1,200න් කොටසක් හිමිනමක් ලවා පොලිසියේ ලොක්කන්ට දීලා?
අමෙරිකාව සහ ඉරානය අතර දරුණු සටන්
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට වෙනසක්! 2026 ශූරයන්ට ‘ශූරතා මුදු’!
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකට
Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු රිමාන්ඩ් කිරීමට නියෝග