රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, කහතුඩුවේදී ඉදි කරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව (System Interchange) ඇතුළුව, රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අදියර – 01 මාර්ග කොටස ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වර්ෂය තුළදීම නිම කර අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.
2026 වර්ෂයේ අනුමත ප්‍රතිපාදන තුළ දේශීය අරමුදල් මත පදනම්ව, රුපියල් බිලියන 15ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සමස්තයක් ලෙස අදියර තුනකින් (3) ක්‍රියාත්මක වීමට නියමිත අතර, එහි පළමු අදියර කහතුඩුව සිට ඉංගිරිය දක්වාත්, දෙවන අදියර ඉංගිරිය සිට රත්නපුර දක්වාත්, තෙවන අදියර රත්නපුර සිට පැල්මඩුල්ල දක්වාත් ඉදි කිරීමට නියමිතය.

මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන ප්‍රධාන ජේලර්වරයා අධිකරණයේදී සාක්ෂි දෙයි! සාක්ෂියේ අන්තර්ගතය කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙසට නියෝගයක්!
රත්න ශ්‍රී විජේසිංහ ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට
නාමල් ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින දෙයි
පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නැතිවෙයි
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
පවුල් ආරවුලක් හේතුවෙන් විදුලි කණුවකට නැග්ග පුද්ගලයාට අධිකරණයෙන් ලොකු දඩයක්
දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 50ට වැඩි වැසි
1990 සුවසැරියෙන් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක්
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්