හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් කඩිනමින් සහ කාර්යක්ෂමව ප්‍රවේශ වීම සඳහා නව යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම තීරණය කර තිබේ.
විශේෂයෙන්ම අධික රථ වාහන තදබදයක් සහිත නාගරික ප්‍රදේශවල සහ මාර්ග අවහිරතා පවතින ස්ථානවල සිටින රෝගීන් වෙත ප්‍රමුඛතාව දෙමින් මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සාමාන්‍ය ගිලන් රථයක් රෝගියා වෙත ළඟාවීමට පෙර ගතවන කාලය තුළ, කඩිනමින් ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය පහසුකම් ලබාදී රෝගියාගේ ජීවිතය සුරක්ෂිත කිරීම මෙම නව වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව සුව සැරිය පදනම සඳහන් කළේය.
මෙම සේවාව සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් යොදවන අතර, හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන මූලික ඖෂධ වර්ග සහ නවීන වෛද්‍ය උපකරණ සහිත විශේෂිත යතුරුපැදි ලබාදීමට නියමිතය.
මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මේ වසර (2026) අවසන් වීමට පෙර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

රත්න ශ්‍රී විජේසිංහ ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට
නාමල් ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින දෙයි
පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නැතිවෙයි
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
පවුල් ආරවුලක් හේතුවෙන් විදුලි කණුවකට නැග්ග පුද්ගලයාට අධිකරණයෙන් ලොකු දඩයක්
දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 50ට වැඩි වැසි
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
අද රෑ අහසේ ”ඩෙල්ටා ඇක්වාරිට්ස්” දැකගැනීමට අවස්ථාවක්
නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්