Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය

1 hour ago

සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. 

ඒ, 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහාය.

මහර බන්ධනාගාරය තුළ අද (01) පස්වරුවේ රැඳවියන් අතර ගැටුම්කාරී තත්ත්වය ඇති විය. 

ඉන් තුවාල ලැබූ රැඳවියන් හත් දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී එක් අයෙකු මිය ගියේය. 

මේ වනවිට තවත් හය දෙනෙකුට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ඒ අවට රැස්වූහ.

ඒ අනුව මෙම තත්ත්වය පාලනය කරගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීති පැනවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.එෆ්.යූ ටුට්ලර් මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *