කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කෙරුණු පූජිත් ජයසුන්දර මහතා මෙරට 34 වැනි පොලිස්පතිවරයාය.
පොලිස් සේවයේ කැපී පෙනුණු චරිතයක්වූ හෙතෙම එම තනතුරට පත් කෙරුණේ 2016 වසරේ අප්‍රේල් මස 20 වැනිදාය. විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහු පුවත් මවන්නකු ලෙසද ප්‍රකටව සිටියේය.
හෙතෙම 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වැඩ තහනම් වනතෙක්ම පොලිස්පති තනතුරේ කටයුතු කළේය.
කුරුණෑගලදී උපත ලද ජයසුන්දර මහතා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බෝගමුව මහමුකළංයාය තක්සලා මහා විද්‍යාලයෙනි. එම විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියෙන් පසු ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අනතුරුව 1969 වසරේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය.
පාසල් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ පූජිත් ජයසුන්දර මහතා වාණිජවේදී දෙවැනි පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව සිය උපාධිය සම්පූර්ණ කළේය.
පූජිත් ජයසුන්දර සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ඇත්තේ 1985 වසරේදී ය.
එතැන් සිට ඔහු ශ්‍රී ලංකා පොලිසියේ පහත තනතුරු දරා තිබේ.
1991 – පොලිස් අධිකාරී ධුරයේ (SP)
1996 – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ (SSP)
2005 – නියෝජ්‍ය පොලිස්පති ධුරයේ
2010 – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ
දක්ෂ විමර්ශකයකුවූ පූජිත් ජයසුන්දර මහතා කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බාරවද රාජකාරී කළේය.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති