මහර බන්ධනාගාරය තුළ අද (01) පස්වරුවේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මුල්කරගනිමින් මෙම නොසන්සුන්තාව හටගෙන තිබේ.
මෙම නොසන්සුන්තාවය හේතුවෙන් රැඳවියන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක බන්ධනාගාර නිලධාරීන් කැඳවා ඇති අතර, බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත ආරක්ෂාව තර කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) යොදවා ඇත.
නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇති අතර, එම ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, අද පස්වරුවේ රැඳවියන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඥාතීන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර හිමිව නොමැති අතර, ඔවුන් මේ වන විටත් මහර බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින බව වාර්තා වේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්
රත්මලානේ වෙඩි තැබීමක්! පුද්ගලයෙක් ජීවිතක්ෂයට!
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්! පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවයි!
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යනු කවුද?
මරණ දඩුවම නියම වූ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යනු කවුද?
රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබ පැතුම්
මීගමුව මුහුදේ දී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වෙයි! ධීවරයින් සෙවීමේ කටයුතු සඳහා ගුවන් යානයක් යොදවයි! එක් මළ සිරුරක් හමුවෙයි!
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්ම වූ තද වැසි
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය අලුත් කරයි! රුමේෂ් තරංගගෙන් ඓතිහාසික රන් පදක්කමක්!