පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග, නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.
ඒ අනුව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පහත උපදෙස් ලබා දී ඇත.
– සිය ගම් ප්‍රදේශ වෙත ආරක්ෂිතව ගමන් කළ හැකි සිසුන්ට එසේ පිටත්ව යා හැකිය.
– අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් නිවෙස් වෙත යාමට නොහැකි සිසුන්ට සරසවි මැදුර නේවාසිකාගාරය හැර විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරිපාලනය දැනුවත් කර රැඳී සිටිය හැකිය.
– අවදානම් සහිත පෞද්ගලික නේවාසික ස්ථානවල (boarding places) රැඳී සිටින සිසුන් ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණෙන්නේ නම්, ඔවුන් පිළිගෙන අවශ්‍ය වාර්තා පවත්වා ගන්නා ලෙස නේවාසිකාගාර පාලනාධිකාරියට උපදෙස් ලබා දී ඇත.
– කිසිදු සිසුවෙකු නේවාසිකාගාරවලින් පිටව යාමට බල නොකරන බව ද විශ්වවිද්‍යාලය අවධාරණය කරයි.
කාලගුණ තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් විශ්වවිද්‍යාල ප්‍රජාවට සිය ආරක්ෂාව පිළිබඳ උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය පාලන අධිකාරිය ඉල්ලා සිටී.

මහනුවර, ගාල්ල සහ යාපනය නගරවලටත් සැප බස්
පොලීසියට ලක්ෂ 5ක අල්ලසක් දෙන්න ගිය තරුණයා අත්අඩංගුවට
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
චාමික කරුණාරත්නට එරෙහි DNA ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය
ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩු 05ක් ගැන අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග
යෝෂිත හා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද පාරට
පසුගිය පැය 24 තුළ වැඩිම වැස්ස නෝටන් ප්‍රදේශයට
වයස 60 සම්පූර්ණ වූ පොලිස් නිළධාරීන්ට අමතර සේවා දිගුවක්
හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ නඩුවක් කැඳවයි
රාජ්‍ය නිලධාරීන්ගේ හා විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න තවත් පියවරක් තබයි
අයහපත් කාලගුණය හමුවේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්