Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි!

4 hours ago

කොළඹ ප්‍රදේශයේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට සැකකරමින්, ප්‍රකට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන සිව්දෙනාට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විදෙස් ගමන් තහනමක් ඉල්ලීමට පෙර අදාළ පුද්ගලයින් මුලින්ම නඩුවේ සැකකරුවන් ලෙස නම් කිරීමට පියවර ගන්නා ලෙසයි.

කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි රුපියල් කෝටි 250ක් වටිනා පර්චස් 43ක ඉඩමක් ව්‍යාජ ඔප්පු මගින් රුපියල් බිලියනයකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන ක්‍රියාත්මක වේ.

මෙම සිද්ධියට අදාළව 80 හැවිරිදි ආරියපාල දිසානායක නමැත්තා දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඉඩම අලෙවි කළ මුදල්වලින් කොටසක් සැකකරුවන් අතර බෙදී ගොස් ඇති බවත්, ඩිලන්ත මාලගමුව නමැත්තා මුදල් වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථ 14ක් ලබාගෙන ඇති බවත් CIDය අධිකරණයට දැනුම් දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *