Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්අඩංගුවට

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

4 hours ago

ළමුන් දෙදෙනෙකු පාසලකට ඇතුළත් කරදීම වෙනුවෙන් අල්ලස් ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාගැනීමට උත්සාහ කළ ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර විදුහල්පතිවරයා විසින් පළමු ශ්‍රේණියට සහ 08 ශ්‍රේණියට ළමුන් දෙදෙනෙකු ඇතුළත් කරදීම සඳහා මුලින් රුපියල් ලක්ෂ 6ක මුදලක් ඉල්ලා පසුව එය ලක්ෂ 3 දක්වා අඩුකර ඇත.

ඒ අනුව වරින් වර මුදල් ලබාගනිමින් දරුවන් දෙදෙනා පාසලට ඇතුළත් කර ඇති අතර, පසුව ඉතිරි රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල ලබා නොදුන්නොත් ළමුන් දෙදෙනාම පාසලෙන් ඉවත් කරන බවට තර්ජනය කර තිබේ.

එම අල්ලස් මුදල ලබා ගැනීමට උත්සාහ කිරීමේදී විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *