වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතා වසර 38ක අභිමානවත් සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අද (08) පොලිස් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ලබා තිබේ.
එතුමාගේ විශ්‍රාම යාම වෙනුවෙන් උත්තමාචාර පුද කිරීම සඳහා අද දින කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී විශේෂ පොලිස් ආචාර පෙළපාලියක් ද පැවැත්විණි.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) ලෙස ඉතිහාසයට එක්වූ අජිත් රෝහණ මහතා, ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු මෙන්ම ගෞරව ආචාර්ය උපාධිධරයෙකි.
විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත සමයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සුවිශේෂී සන්නිවේදන කාර්යභාරයක් ඉටුකළ එතුමා, සිය වෘත්තීය නිපුණතාවය සහ සුහදශීලී ගුණාංග හේතුවෙන් මහජනතාව අතර දැඩි ගෞරවයට හා ප්‍රසාදයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
අවිස්සාවේල්ල කොස්ගම උපත ලබා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු, විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LL.B) උපාධිය ලබාගත්තේය.

විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර
අල්ලස් කොමිසම චමල් රාජපක්ෂගෙන් පැය 2කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
අද කාලගුණ නිවේදනය!
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට
අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද දිවයිනට
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි!
වාහනයක් ගන්න සිහින දකින්නන්ට සුබ ආරංචියක්!
පාර්ලිමේන්තු එන්න නාමල් කළ ඉල්ලීමට මැතිසබේ ලේකම් දැක්වූ ප්‍රතිචාර
හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්