සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 16 වැනිදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව අදාළ මුදල් ලබන 17 වැනිදා සිට ප්‍රතිලාභීන්ට බැංකු මගින් ලබාගත හැකිය.
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 999,053ක් සඳහා රුපියල් බිලියන 9.18කට අධික මුදලක් (රු. 9,181,696,250) බැංකු ගිණුම්වලට බැර කෙරේ.
එමෙන්ම එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335ක් වෙනුවෙන් රුපියල් බිලියන 2.12කට අධික මුදලක් (රු. 2,120,856,250) ගෙවීමට සැලසුම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

දුරදිග ගිය ආරවුල 18 හැවිරිදි තරුණයාට දිවි අහිමි කරයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කථානායකවරයා ඉල්ලා අස්විය යුතුයි – දයාසිරි ජයසේකර
විශේෂ කැබිනට් තීරණයක්! රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශේෂ සහතිකයක් අනිවාර්ය කරයි!
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්