බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 2019 වසරේදී හිමි වූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමෙන් පසුව එම භික්ෂුව සොයාගැනීමට නොහැකිව ඇති බව වාර්තා වේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නියම වූ වසර හයක සිරදඬුවමෙන් ඉතිරි කොටස ගෙවා දැමීම සඳහා උන්වහන්සේ නැවත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම උදෙසා බන්ධනාගාර නිලධාරීන් රාජගිරිය, නාවල පිහිටි විහාරස්ථානය වෙත ගොස් ඇති බව ‘The Sunday Island’ පුවත්පත වාර්තා කරයි.
කෙසේවෙතත්, උන්වහන්සේ දැනට සිටින ස්ථානයක් පිළිබඳව තමන් නොදන්නා බව විහාරස්ථානයේ සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේලා දැනුම් දී තිබේ.
2019 මැයි මාසයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් අදාළ ජනාධිපති සමාව අත්තනෝමතික වන අතර, එමගින් මහජන විශ්වාසය සහ ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වී ඇති බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කළේය.
2019 දී ජනාධිපති සමාව හිමි වන විට මාස නවයක සිරදඬුවමක් පමණක් විඳ තිබූ බැවින්, ඥානසාර හිමියන්ට නියමිත වසර හයක සිරදඬුවමෙන් වැඩි කොටසක් ඉදිරියේදී බන්ධනාගාරය තුළ ගෙවාදැමීමට සිදුවනු ඇත.

දුරදිග ගිය ආරවුල 18 හැවිරිදි තරුණයාට දිවි අහිමි කරයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කථානායකවරයා ඉල්ලා අස්විය යුතුයි – දයාසිරි ජයසේකර
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
විශේෂ කැබිනට් තීරණයක්! රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශේෂ සහතිකයක් අනිවාර්ය කරයි!
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්