බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 2019 වසරේදී හිමි වූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමෙන් පසුව එම භික්ෂුව සොයාගැනීමට නොහැකිව ඇති බව වාර්තා වේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නියම වූ වසර හයක සිරදඬුවමෙන් ඉතිරි කොටස ගෙවා දැමීම සඳහා උන්වහන්සේ නැවත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම උදෙසා බන්ධනාගාර නිලධාරීන් රාජගිරිය, නාවල පිහිටි විහාරස්ථානය වෙත ගොස් ඇති බව ‘The Sunday Island’ පුවත්පත වාර්තා කරයි.
කෙසේවෙතත්, උන්වහන්සේ දැනට සිටින ස්ථානයක් පිළිබඳව තමන් නොදන්නා බව විහාරස්ථානයේ සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේලා දැනුම් දී තිබේ.
2019 මැයි මාසයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් අදාළ ජනාධිපති සමාව අත්තනෝමතික වන අතර, එමගින් මහජන විශ්වාසය සහ ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වී ඇති බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කළේය.
2019 දී ජනාධිපති සමාව හිමි වන විට මාස නවයක සිරදඬුවමක් පමණක් විඳ තිබූ බැවින්, ඥානසාර හිමියන්ට නියමිත වසර හයක සිරදඬුවමෙන් වැඩි කොටසක් ඉදිරියේදී බන්ධනාගාරය තුළ ගෙවාදැමීමට සිදුවනු ඇත.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට