පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධ විමර්ශනවලදී හිටපු රාජ්ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සලකා බැලීමට ත්රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
අදාළ පැමිණිල්ල අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන විනිසුරුවරුන් හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී පැමිණිල්ල සලකා බැලීම සඳහා ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් එම මඩුල්ල සමන්විතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකු අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කර තිබුණා.
ඒ අනුව 2024 අංක 08 දරන අධිකරණයට හෝ විනිශ්චය ආසනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා මහේස්ත්රාත්වරයා විසින් පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කර තිබෙනවා.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පසුගිය ජූලි මාසයේ පැවති විරෝධතාව අතරතුර අදාළ පුද්ගලයන් සිදුකළ ප්රකාශ මගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට