ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
2013 වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සැකකරුවෙකු ලෙස දැනට රක්ෂීත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සිකුරාදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව වාර්තා වේ.
ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පසුගිය සැප්තැම්බර් 04 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන සැප්තැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට