නෝර්වේ රාජ්‍යයේ අග්‍රාමාත්‍ය යෝනාස් ගාර් ස්ටෝරේ (Jonas Gahr Støre) විසින් සිදුකරන ලද නව කැබිනට් සංශෝධනයත් සමඟ එරට ලේබර් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥවරියක වන කැම්සි ගුණරත්නම් මහත්මිය නව ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍යවරිය ලෙස පසුගිය සිකුරාදා (11) වැඩ භාරගත්තාය.
1988 වසරේ යාපනය ප්‍රදේශයේ උපත ලබා 1991 වසරේදී දෙමාපියන් සමඟ නෝර්වේ රාජ්‍යයට සංක්‍රමණය වූ 38 හැවිරිදි කැම්සි, 2013 වසරේදී ඔස්ලෝ නගරයෙන් ලේබර් පක්ෂය නියෝජනය කරමින් ආදේශක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වූ අතර, 2019 සිට 2021 දක්වා ඔස්ලෝ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස ද කටයුතු කළාය.
1999න් පසු ඔස්ලෝ නගරය නියෝජනය කරමින් නෝර්වේ හි ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත් වූ පළමු පුද්ගලයා ඇය වීම විශේෂත්වයකි. මෙම අභිමානවත් ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද ඇයට සිය ‘X’ ගිණුම ඔස්සේ සුබ පැතුම් එක්කර තිබේ.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට