Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්

25 minutes ago

නෝර්වේ රාජ්‍යයේ අග්‍රාමාත්‍ය යෝනාස් ගාර් ස්ටෝරේ (Jonas Gahr Støre) විසින් සිදුකරන ලද නව කැබිනට් සංශෝධනයත් සමඟ එරට ලේබර් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥවරියක වන කැම්සි ගුණරත්නම් මහත්මිය නව ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍යවරිය ලෙස පසුගිය සිකුරාදා (11) වැඩ භාරගත්තාය.

1988 වසරේ යාපනය ප්‍රදේශයේ උපත ලබා 1991 වසරේදී දෙමාපියන් සමඟ නෝර්වේ රාජ්‍යයට සංක්‍රමණය වූ 38 හැවිරිදි කැම්සි, 2013 වසරේදී ඔස්ලෝ නගරයෙන් ලේබර් පක්ෂය නියෝජනය කරමින් ආදේශක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වූ අතර, 2019 සිට 2021 දක්වා ඔස්ලෝ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස ද කටයුතු කළාය.

1999න් පසු ඔස්ලෝ නගරය නියෝජනය කරමින් නෝර්වේ හි ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත් වූ පළමු පුද්ගලයා ඇය වීම විශේෂත්වයකි. මෙම අභිමානවත් ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද ඇයට සිය ‘X’ ගිණුම ඔස්සේ සුබ පැතුම් එක්කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *