පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාදුන් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබේ.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි.
සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රීඩාලොව ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම සඳහා යන ගමන සාර්ථක වන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යොමුවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහායවීමට පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව සිය එක්ස් පණිවුඩය මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.

හිටපු ඇමතිට ෆවුසිට ලොකු දඩයක්! ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
නාමල් ඇප නැති වූ නඩුවල සම්පූර්ණ විස්තරේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලා 2027දී
රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක් ජල කප්පාදුවක්
කටුනායක ගුවන්තොටුපොළ ගැන කැබිනට් තීරණයක්
ඥානසාර හිමිට වරෙන්තු
රේණුක පෙරේරාට ඇප
ගෝඨාභය අධිකරණයට
උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්
බද්දේගමදී වෙඩි කෑ තිදෙනාම මිය යයි
ධම්මිකගේ හේලීස් තවත් වැඩකට අත ගසයි! සුපිරි වෙළෙඳසැල් ජාලයක්!