Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රේණුක පෙරේරාට ඇප

9 hours ago

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ගමනාගමන කොමිසමේ (NTC) හිටපු සභාපති රේණුක පෙරේරා මහතා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

1991 අංක 37 දරන NTC පනත සහ 2014 කැබිනට් තීරණයේ නිර්දේශ උල්ලංඝනය කරමින්, දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා නීතිවිරෝධී ලෙස මගී සේවා අවසරපත් (Route Permits) 56ක් නිකුත් කිරීම සහ වාර්ෂික ගාස්තු එකවර අය නොකිරීම මගින් දූෂණය සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගිය සැප්තැම්බර් 17 වැනිදා ඔහු අත්අඩංගුවට ගත් අතර, අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *