Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

11 hours ago

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

දීර්ඝ අඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය මෙම තීන්දුව ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවය.

ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් නියෝගයේ සඳහන් වුණි.

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍ර හැකි යොදාගෙන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *