Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක් ජල කප්පාදුවක්

17 minutes ago

රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව මඩුවන්වෙල, කරගහයාය, මහයාය, කෑල්ල, අලුබෝද, වැල්කැටිය සහ ජදුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බව සඳහන්.

වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරනවා.

ජල සැපයුම අත්හිටුවීමට පෙර අවශ්‍ය ජලය රැස්කර ගන්නා ලෙසත්, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *