Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බද්දේගමදී වෙඩි කෑ තිදෙනාම මිය යයි

13 hours ago

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් කාන්තාව ද මියගොස් තිබේ.

ඇය වෙඩි තැබීමෙන් පෙරේදා (27) මියගිය කළු නෝනා යන අන්වර්ථ නාමයෙන් ප්‍රචලිතව සිටි කාන්තාවගේ මවයි.

බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ගමන් ගනිමින් තිබූ ත්‍රිරෝද රථයක් ඉලක්ක කරමින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වුණේ පෙරේදා  පෙරවරුවේදීය.

ත්‍රිරෝද රථය පසුපස මෝටර් රථයේ හඹා ආ පිරිසක් විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර  පලාගොස් තිබුණි.

සිද්ධියෙන් වෙඩි වැදුණු  ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා බද්දේගම රෝහලට ඇතුළත්කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණි.

එහිදී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මියගිය එම කාන්තාව අම්බලන්ගොඩ රතුකුරුස නිවාස, ගොඩහේන ප්‍රදේශයේ පදිංචි සුසිතා ඉරෝෂණී නමැති 47 හැවිරිදි කාන්තාවකි.

කළු නෝනා යන අන්වර්ථ නාමයෙන් ප්‍රචලිතව සිටි ඇය දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාලයේ ප්‍රධාන පෙළේ කාන්තාවක බව අනාවරණවී ඇත.

ඇයට හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 710ක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින අතර ඊට අදාළව ඉරිදා දිනවල බද්දේගම දිසා අපරාධ කොට්ඨාසයේ පෙනීසිට එහි අත්සන් තැබීමට නියමකර තිබී ඇත.

ඒ අනුව පෙරේදා කුලී ත්‍රිරෝද රථයකින් ගොස් පොලීසියේ පෙනීසිට නැවත පැමිණෙමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුව තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *