Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බද්දේගම මහපාරේ පන්න පන්නා කළ වෙඩි තැබිල්ලෙලෙන් ‘කළු නෝනා’ට දිවි අහිමි වෙයි (වීඩියෝ)

16 hours ago

බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී අද (27) පෙරවරුවේ මෝටර් රථයකින් ලුහුබැඳ ආ පිරිසක් විසින් T-56 ගිනි අවියකින් ත්‍රිරෝද රථයකට වෙඩි තබා පලාගොස් ඇත.

වෙඩි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථ රියදුරු (මීටියාගොඩ පදිංචි ලලිත් ප්‍රසන්න – 40) එම ස්ථානයේදීම මියගිය අතර, තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු රෝහලේදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින ‘ලොකු පැටී’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයාගේ ජාලයේ ප්‍රධානියෙකු වන, ‘කළු නෝනා’ ලෙස හඳුන්වන සුසිතා ඉරෝෂණී (47) නැමැත්තියයි. තුවාල ලැබූ අනෙක් කාන්තාව ඇගේ මවයි.

ඇප කොන්දේසි මත බද්දේගම දිසා අපරාධ කොට්ඨාසයේ අත්සන් තබා නැවත පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, විදෙස්ගතව සිටින ‘කරන්දෙණිය සුද්දා’ගේ පාර්ශ්වය විසින් මෙය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

මෙම සිදුවීමත් සමග වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ වෙඩිතැබීම් සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *