2025/2026 තක්සේරු වර්ෂයට අදාළ අවසන් ආදායම් බදු ගෙවීම අද (30) අවසන් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුම් දෙයි.
සමාගම්, පුද්ගලික සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ගෙවන සියලු බදු ගෙවන්නන් සඳහා ගෙවීම් කාල සීමා සංකේතය ලෙස 25260 භාවිත කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව,
සමාගම් ආදායම් බදු – Tax Type Code 02
පුද්ගලික ආදායම් බදු – Tax Type Code 05
හවුල් ව්‍යාපාර ආදායම් බදු – Tax Type Code 09
ලෙස අදාළ බදු වර්ගයේ සංකේතය යොදාගත යුතුය.
අන්තර්ජාලය ඔස්සේ බදු ගෙවීම් සිදුකිරීමේ පහසුකම් පවතින අතර, බදු ගෙවන්නන්ට ඕනෑම ලංකා බැංකු ශාඛාවක් වෙත ගොස් ද ගෙවීම් සිදුකළ හැකිය.
අදාළ අවසන් දිනයෙන් පසු ගෙවීම් සිදුකිරීමේදී පොලී සහ දඩ මුදල් අය කෙරෙන බැවින් නියමිත දිනට පෙර බදු ගෙවීම් සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
වැඩිදුර තොරතුරු සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 1944 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විමසිය හැකිය.

ඉන්ධන මිල ඉහළට
උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් පුරෝකථයක්
අරවින්ද සිල්වාගේ හා බිරිඳගේ රු. මිලියන 40ක ඇප මුදල් රාජසන්තක කෙරේ
කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
බිරිඳව අවසන් ගමන් යැවූ සැමියා සිය ජීවිතය ගැන ගත් තීරණය
රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්
මේ පාර ළමා දිනයට ළමයින්ට දෙන හොඳම තෑග්ග
රටම බලා සිටින 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය මෙන්න
රනිල්ගේ නඩුව කල්යයි
ඉන්ධන මිල සංශෝධනය අද රෑ ?
නාමල් රාජපක්ෂට එක් නඩුවකට ඇප හිමිවෙයි
විමල් වීරවංශ අනිද්දා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට