ළමා කාලය යනු ජීවිතයේ නැවත නොඑන වඩාත්ම අහිංසක, සුන්දර මෙන්ම නිදහස්ම කාලපරිච්ඡේදයයි. ලෝක ළමා දිනය සමරනු ලබන්නේ දරුවන්ට දරුවෙකු ලෙස සැබෑ ලෙසම ජීවත් වීමට ඇති අයිතිය සමාජයට සිහිපත් කරදීම වෙනුවෙනි.
ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් 01 වන දාට යෙදෙන මෙම දිනය හුදෙක් උත්සව පැවැත්වීමට හෝ තෑගි ලබාදීමට පමණක් සීමා නොවී, දරුවන්ගේ සුන්දර ලෝකයට බාධා නොකර ඔවුන්ගේ ටිකිරි මනසට නිදහසේ සෙල්ලම් කිරීමට, සිතීමට, නිර්මාණය කිරීමට සහ අලුත් දේ විඳගැනීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය.
වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් සහ වගකීම්වල බරින් දරුවන්ගේ ටිකිරි මනස මිරිකා නොදමා, ඔවුන්ට ළමා කාලයේ නිදහස සහ සතුට උපරිමයෙන් විඳීමට ඉඩදීමත්, හිංසනයෙන් සහ බියෙන් තොරව ආදරය පිරි ආරක්ෂිත පරිසරයක් තනාදීමත් මෙහි මූලික අරමුණයි.
මන්ද අද දින නිදහසේ සිනාසෙන, නිදහසේ සිතන දරුවා හෙට දිනයේ නිදහස් හා සෞඛ්‍ය සම්පන්න සමාජයක පදනම වන බැවිනි.එනිසා එක් දිනකට සීමා නොවී වසරේ දින 365 පුරාම දරුවන්ට ළමයෙකු ලෙස නිදහසේ ඔවුන්ගේ ළමාකාලය ගත කරන්නට ඉඩ හැරීම අප සැමගේ වගකීමකි.

ඉන්ධන මිල ඉහළට
උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් පුරෝකථයක්
අරවින්ද සිල්වාගේ හා බිරිඳගේ රු. මිලියන 40ක ඇප මුදල් රාජසන්තක කෙරේ
කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
බිරිඳව අවසන් ගමන් යැවූ සැමියා සිය ජීවිතය ගැන ගත් තීරණය
රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්
ආදායම් බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
රටම බලා සිටින 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය මෙන්න
රනිල්ගේ නඩුව කල්යයි
ඉන්ධන මිල සංශෝධනය අද රෑ ?
නාමල් රාජපක්ෂට එක් නඩුවකට ඇප හිමිවෙයි
විමල් වීරවංශ අනිද්දා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට