හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
අද(30) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.
ඒ 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම තූළින් රජයට අයත් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුකරයට පෙනී සිටීම සඳහායි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර එක්සත් රාජධානියේ තොරතුරු දැන ගැනීමේ නිදහස ඉල්ලීම (freedom of Information Request) පිළිබඳ පනත යටතේ,සමාජ ක්‍රියාකාරියෙකු වන ඕෂල හේරත් විසින් සංචාරයට අදාළ කරුණු වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් විමසා තිබුණා.
ඒ අනුව රජයේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2025 අගෝස්තු 22 වනදා දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා.
පසුව ඔහු ඇප මත නිදහස් කෙරුණා.

ඉන්ධන මිල ඉහළට
උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් පුරෝකථයක්
අරවින්ද සිල්වාගේ හා බිරිඳගේ රු. මිලියන 40ක ඇප මුදල් රාජසන්තක කෙරේ
කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
බිරිඳව අවසන් ගමන් යැවූ සැමියා සිය ජීවිතය ගැන ගත් තීරණය
රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්
මේ පාර ළමා දිනයට ළමයින්ට දෙන හොඳම තෑග්ග
ආදායම් බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
රටම බලා සිටින 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය මෙන්න
ඉන්ධන මිල සංශෝධනය අද රෑ ?
නාමල් රාජපක්ෂට එක් නඩුවකට ඇප හිමිවෙයි
විමල් වීරවංශ අනිද්දා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට