හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියකුගෙන් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද (30) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවේ යෙදී සිටියදී ප්‍රහාරයට ලක්වූ නිලධාරීයා, එම ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ භූමියට පැමිණෙන අවස්ථාවේදී ප්‍රමාණවත් ආරක්ෂාවක් තහවුරු කර නොතිබීමෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ සැලැස්වූයේද යන්න පිළිබඳ ආරක්ෂක අංශවල දැඩි කතාබහට ලක්ව ඇති බවද එක්සත් ජාතික පක්ෂ නිවේදනයේ සඳහන්ය.
එමෙන්ම මෙම කැමරා ශිල්පියා මගින් රනිල් වික්‍රමසිංහ මහතාට යම් ආකාරයක අනතුරක් කිරීමට පූර්ව සැලසුමක් තිබුණේද යන්න ගැනත් සැක මතුවන බව එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
අධිකරණ කටයුත්තක් සඳහා හිටපු ජනාධිපතිවරයා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ, ඔහු අසලම සිටි ආරක්ෂකයකුට මෙම ප්‍රහාරය එල්ල විය.

ඉන්ධන මිල ඉහළට
උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් පුරෝකථයක්
අරවින්ද සිල්වාගේ හා බිරිඳගේ රු. මිලියන 40ක ඇප මුදල් රාජසන්තක කෙරේ
කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
බිරිඳව අවසන් ගමන් යැවූ සැමියා සිය ජීවිතය ගැන ගත් තීරණය
මේ පාර ළමා දිනයට ළමයින්ට දෙන හොඳම තෑග්ග
ආදායම් බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
රටම බලා සිටින 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය මෙන්න
රනිල්ගේ නඩුව කල්යයි
ඉන්ධන මිල සංශෝධනය අද රෑ ?
නාමල් රාජපක්ෂට එක් නඩුවකට ඇප හිමිවෙයි
විමල් වීරවංශ අනිද්දා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට