‘සිරිලිය සවිය’ ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය. මෙම අවස්ථාවේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියව අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුකළේ නැත.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (12) බන්ධනාගාරයේ සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් අංශයට ඇතුළත් කළ බවත්, ඇයව මේ වන විට විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් පවතින බවත්ය.
කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ, සැකකාරිය ඊයේ දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව සැබෑවක් වුවත්, ඇයව ශල්‍යකර්මයකට භාජනය කිරීමට අදාළව කිසිදු නිල තොරතුරක් බන්ධනාගාර නිලධාරීන්ට වාර්තා වී නොමැති බවය.
බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වී ඇත්තේ ඇය රෝහලේ 61 වන වාට්ටුවට ඇතුළත් කර ඇති බව පමණක් මිස, ශල්‍යකර්මයකට භාජනය වන බවක් නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, අද දිනයේදී ඇය විවෘත හදවත් සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද යන්න වහාම පරීක්ෂා කර වාර්තා කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. ඒ අනුව, අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන තුරු නඩුව අද පස්වරු 2.00 දක්වා කල් තබන ලදී.

නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි
තවත් IMF වැඩසටහනක්! ජනපතිගෙන් කොළ එළියක්!
තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්
මාතෘ භූමියේ පළවෙනි පුරවැසියා බවට පත්වීමට සජිත් ප්‍රේමදාසට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අශෝක් අබේසිංහ සජබය හැර යයි
කොටස් වෙළඳපොල පහළට
ඥානසාර හිමිට දුන් තීන්දුව ගැන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර කතාවක්