Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය්මට තවත් කුජීත පරාජයක්

14 hours ago

ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තමන් සතු කරගැනීමට ද පාකිස්තානයට හැකි විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 215ක් රැස් කිරීමට සමත් විය. එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සාදාකත් පන්දු 51කදී නොදැවී ලකුණු 96ක් රැස්කළ අතර, නායක සාහිබ්සාදා ෆර්හාන් පන්දු 44කදී ලකුණු 73ක් ලබාගනිමින් පාකිස්තාන ඉනිමට දැවැන්ත දායකත්වයක් දැක්වීය.

ලකුණු 216ක ප්‍රබල ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 32ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 29ක් රැස්කළහ. පන්දු යැවීමේදී දක්ෂ ලෙස ක්‍රියාත්මක වූ පාකිස්තානයේ මොහොමඩ් ඉම්රාන් ලකුණු 11කට කඩුලු 3ක් සහ සල්මාන් මිර්සා ලකුණු 28කට කඩුලු 2ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා තල්ලු කර දැමීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *