හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ් ගමගේ මහතා පවසයි.
එවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පෞරුෂය බිඳ දැමිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.
විරුද්ධවාදීන් විසින් මෙවැනි අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාර පතුරුවා හරිමින්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හමුවේ මහින්ද රාජපක්ෂ මහතා දුර්වල වී ඇති බව පෙන්වීමට උත්සාහ කරන බව ද මනෝඡ් ගමගේ මහතා පැවසීය.
එබැවින් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට සිය නිවසේ රැඳී සිටිමින් ශාරීරිකව සහ මානසිකව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාතෘ භූමියේ පළවෙනි පුරවැසියා බවට පත්වීමට සජිත් ප්‍රේමදාසට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අශෝක් අබේසිංහ සජබය හැර යයි
කොටස් වෙළඳපොල පහළට
ඥානසාර හිමිට දුන් තීන්දුව ගැන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර කතාවක්
2026 ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට
චාමර සම්පත් රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරේ
සෑම පළාතකටම අල්ලස් කොමිසමක්
පාසල් සිසුවෙකුට අතවර කළ ගුරුවරියකට සිරදඩුවම්
අර්ජුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 දක්වා කල් තැබේ
මහින්ද කහඳගම රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු සිව්දෙනා අධිකරණයට