Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාතෘ භූමියේ පළවෙනි පුරවැසියා බවට පත්වීමට සජිත් ප්‍රේමදාසට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අශෝක් අබේසිංහ සජබය හැර යයි

48 minutes ago

සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ බව සඳහන් කරමින් ඔහු පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමතරව, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, විපක්ෂ නායක වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික යන සියලු තනතුරුවලින් මෙලෙස ඉල්ලා අස්වන බව ඔහු සිය ලිපිය මඟින් දන්වා තිබෙනවා.

පක්ෂය ආරම්භක අවස්ථාවේ පටන් කටයුතු කිරීමට ලැබීම ගැන සතුටු වන බව සඳහන් කර ඇති ඔහු, පක්ෂයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට මෙන්ම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සියලු දෙනාට ශක්තිය ප්‍රාර්ථනා කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *