‘සිරිලිය සවිය’ සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බව පවසා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ 100ක් ලබාගෙන යන්ත්‍රය ලබානොදී රජයේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහි නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරුණු ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම, ඊයේ උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මේ වන විට අදාළ රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ‘එයාර් බස්’ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ද අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්‍ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
තවත් IMF වැඩසටහනක්! ජනපතිගෙන් කොළ එළියක්!