පාප් වහන්සේගේ පෙනහලෙහි කුඩා ගැටිත්තක් හමුවී ඇති බැවින්, ඉදිරි දිනවලදී සැත්කමකට භාජනය වන බව උන්වහන්සේ නිවේදනය කර තිබේ.
රෝමයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවති සාමාන්‍ය ඉරිදා යාඥාව අතරතුර උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.
71 හැවිරිදි ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේ වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් මත මෙම සැත්කම සඳහා එකඟ වූ බවත්, එය මුල් අවධියේදීම හඳුනාගත් තත්ත්වයක් බවත් බැතිමතුන් වෙත සහතික කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉතාලියේ රෝමයේ ජෙමෙලි රෝහලේදී (Gemelli Hospital) මෙම සැත්කම සිදු කිරීමට නියමිත අතර, සැත්කමෙන් පසු සුවය ලැබීමට සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි වතිකානුව පවසයි.
ඉදිරි නොවැම්බර් මාසයේ උරුගුවේ, ආජන්ටිනාව සහ පේරු යන රටවල සිදු කිරීමට නියමිත සංචාරය කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බව පාප් වහන්සේ තහවුරු කර ඇත.
රොබට් ෆ්‍රැන්සිස් ප්‍රොවොස්ට් (Robert Francis Provost) නමින් උපත ලැබූ උන්වහන්සේ ශාන්ත පීතර සිංහාසනයට පත් වූ පළමු අමෙරිකානු පුරවැසියා වන අතර, 267 වන පාප් වහන්සේ ද වේ.
යාඥාව අවසානයේදී සියලු දෙනාගේ අධ්‍යාත්මික සහයෝගයට සහ ප්‍රාර්ථනාවන්ට ස්තූති කළ පාප් වහන්සේ, තමන්ගේ සුවය වෙනුවෙන් යාඥා කරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ.

මාතෘ භූමියේ පළවෙනි පුරවැසියා බවට පත්වීමට සජිත් ප්‍රේමදාසට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අශෝක් අබේසිංහ සජබය හැර යයි
කොටස් වෙළඳපොල පහළට
ඥානසාර හිමිට දුන් තීන්දුව ගැන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර කතාවක්
2026 ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට
චාමර සම්පත් රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරේ
සෑම පළාතකටම අල්ලස් කොමිසමක්
පාසල් සිසුවෙකුට අතවර කළ ගුරුවරියකට සිරදඩුවම්
අර්ජුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 දක්වා කල් තැබේ
මහින්ද කහඳගම රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු සිව්දෙනා අධිකරණයට