Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් ලබන 28 වැනිදා තෙක් කල් යයි

10 hours ago

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 28 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් අද (14) නියෝග කළා.

වෙනත් නඩුවක් සඳහා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් සාකීර් යන විත්තිකරු අසනීප වි බන්ධනාගාර රෝහලේ සිටින බැවින් අද (14) දින මෙම සිද්ධියට අදාලව විවෘත අධිකරණයේ පෙනී නොසිටින බවයි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ.

ඒ අනුව සිද්ධියට අදාල සාක්ෂි විභාගය අද (14) දින අධිකරණයේ සිදු නොවුනු අතර වැඩිදුර සාක්ෂි විභාගයට ඉදිරි දිනයක් නියම කෙරුණා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබෙනවා.

හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණයේ අද (14) පෙනී සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *