වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයෙකුගේ දරුවෙකු ඝාතනයට සූදානම් වූ වෙඩික්කරුවකු හා යතුරුපැදිකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ‘පලනි කැනිස්ටර්’ පාර්ශවයේ ප්‍රධාන වෙඩික්කරුවකු හා පැදිකරුවෙකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාශයට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී ෂොට් කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 5ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22යි මිලි ග්‍රෑම් 340ක්, ජංගම දුරකථනයක් හා ගමන් මල්ලක්ද සොයාගෙන තිබේ.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ, ‘පලනි කැනිස්ටර්’ පාර්ශවය මගින් 2025 වසරේ නොවැම්බර් මාසයේ ‘අසේල’ යනුවෙන් හැදින්වූ පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇති බවය.
ඔහුට ‘පලනි කැනිස්ටර්’ කණ්ඩායමට එකතුවීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇත.
එම හේතුව පදනම් කරගෙන ඝාතනයට ලක්වූ අසේලගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුටද වෙඩිතැබීමට මෙම වෙඩික්කරු හා පැදිකරු යොදාගැනීමට කටයුතු කර ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු වාර්තා වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 23 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට