Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපතිගෙන් X සටහනක්

1 day ago

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගත් මෙම තීරණය අගය කරමින් ජනාධිපතිවරයා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළා.

අනුර කුමාර දිසානායක මහතා එහි දක්වා තිබුණේ  මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම විශාල අස්වැසිල්ලක් සහ සහනයක් වන බවයි.  

මෙම යහපත් ප්‍රතිඵලය ලබාගැනීමට හැකිවූයේ මිත්‍රශීලී රාජ්‍යයක නීතිමය ක්‍රියාවලියට ගරුකරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පිරිනමන අතර, මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති කණ්ඩායම් වෙතද ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය හිමිවන බව ඔහු සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

 ජනාධිපතිවරයා අවධාරණය ක‍ළේ අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සියලු සහයෝගය ඉදිරියටද ලබාදීමට රජය සූදානමින් සිටින බවයි.

වඩා හොඳ ජීවනෝපායක් සොයා විදේශගත වන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇතැයි යන හැඟීමක් ඇති නොවිය යුතු බවද අදාළ සටහනේ වැඩිදුරටත් දක්වා තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *