Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්   

39 minutes ago

ඖෂධ මිලදී ගැනීමේ අක්‍රමිකතා හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් නියමිත වන්දි මුදල් ගෙවීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබේ.

මීට පෙර, ඉකුත් මාර්තු මස 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් රුපියල් මිලියන 75ක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුත්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අය විසින් රුපියල් මිලියන 50 බැගින් රජය වෙත වන්දි ගෙවිය යුතු විය.

වගඋත්තරකරුවන් අදාළ අධිකරණ තීන්දුවට අනුව කටයුතු කර නොමැති බැවින්, 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ ඔවුන්ට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *