කඩවත ප්රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ත්රීරෝද රථයකට පොලිසිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි වැදී තුවාල ලැබූ තරුණයාගේ මව මාධ්ය වෙත කළ ප්රකාශයක් පිළිබඳව පොලිස් මාධ්ය ප්රකාශකවරයා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
අදාළ ත්රීරෝද රථයේ ගමන් කළ තරුණයින් මත්ද්රව්ය ප්රවාහනය කළ බවට පොලිසිය පැවසූ බවට එම මව කළ ප්රකාශය සම්පූර්ණයෙන්ම අසත්යයක් බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළා.
අද (01) පැවති මාධ්ය හමුවකදී ඔහු මේ බව පැවසුවේ ඊයේ (31) සිදුවූ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
ඕනෑම රථයක් පදවන රියැදුරෙකු නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරියෙකුගේ සංඥාවකට අනුව වාහනය නතර කළ යුතු බව නීතියේ සඳහන් වන කරුණක් බවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා පෙන්වා දී තිබෙනවා.
පොලිස් මෙහෙයුම් අතරතුර නිලධාරීන්ගේ සංඥාවලට අවනත වී වාහන නතර කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු, එමගින් යම් අපහසුතාවක් ඇති වුවද එය සිදුකරන්නේ සමස්ත රටේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව හා යහපත උදෙසා බවද අවධාරණය කළා.
මේ අතර, මෝටර් රථ වාහන පනතට අනුව රියැදුරු බලපත්රයක් නොමැති හෝ බාලවයස්කාර දරුවන්ට වාහන පැදවීමට ඉඩ සැලසීම වරදක් බවද ඔහු සඳහන් කරනවා.
ඒ අනුව, කඩවත සිද්ධියේදී බාලවයස්කාර තරුණයාට අදාළ ත්රීරෝද රථය පැදවීමට අවස්ථාව ලබාදුන් පුද්ගලයාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා ප්රකාශ කළා.
වැඩිහිටියන් සහ ජ්යෙෂ්ඨ පුරවැසියන් ලෙස වගකීමෙන් කටයුතු කරන ලෙසත්, රටේ නීතිය හා සාමය තහවුරු කිරීම සඳහා ශ්රී ලංකා පොලිසියට අවශ්ය සහයෝගය ලබාදෙන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
මේ අතර, දිවයින පුරා නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය විසින් සිදුකරන අත්අඩංගුවට ගැනීම්, හදිසි පරීක්ෂා කිරීම් සහ සෝදිසි මෙහෙයුම් තවදුරටත් තීව්ර කර ඇති බවද ඔහු සඳහන් කළා.
නීතිවිරෝධී ක්රියාකාරකම්, මත්ද්රව්ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධකරුවන්, වෙඩික්කරුවන් සහ ඊට ආධාර අනුබල දෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙම විශේෂ මෙහෙයුම්වල අරමුණ බවත්, ඒ සඳහා මහජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබෙමින් පවතින බවත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්
දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්! රැඳවියෙක් මරුට!
හෙද සේවයට පිවිසීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
අභාවප්රාප්ත නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට 5%ක දඩයක්
නේපාලයේ ගැඹුරුම විල නැරඹීමට ගිය 6 දෙනෙකු අතුරුදහන්
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබා දෙන තැනක් නොවෙයි – අගමැති
හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි! අවශ්ය වන අවස්ථා මෙන්න!
17 වනදා මුළු රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට
තමන්ට අපහාස කරන සමාජ මාධ්යවලට ඇමති සෙනෙවිගෙන් රතු එළි