Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ස්ටිකී රයිස් සහ ජස්මින් රයිස් සඳහා රු.65ට තිබූ බද්ද වෙනුවට රු.280ක වැඩි බද්දක්

3 hours ago

ආනයනික සහල් වර්ග දෙකකට පනවා තිබූ රු. 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර, රු.280ක සෙසු ආනයනික බදු එකතුවට එය යටත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් ඊයේ (03) සිට බලාත්මක වන පරිදි අමු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) සඳහා පනවා තිබූ කිලෝග්‍රෑමයකට රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඇත.

අමු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා අදාළ වූ මෙම බදු සංශෝධනයත් සමඟ එම සහල් සදහා සෙසු ආනයනික බදු අදාළ වේ.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවන අවස්ථාවකදී අදාළ භාණ්ඩය රජයේ සෙසු ආනයනික බදුවලින් නිදහස් වන අතර එය ඉවත් කිරීමකදී සෙසු ආනයනික බදු අයකර ගැනීම් එම භාණ්ඩයට අදාළ කෙරේ.

ඒ අනුව රේගු ආනයන බදු, වැට් බදු, සමාජ ආරකෂණ බදු, සෙස් බදු යන බදු එකතුවට එය යටත් වන අතර මෙම අමු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙක සඳහා අදාළ වූ නව බදු සංශෝධනයත් සමඟ එම සහල් සදහා රජයේ සෙසු ආනයනික බදු බලපැවැත්වේ.

සංචාරක හෝටල්, විශේෂිත ආහාරපාන සැපයුම් ආයතන සහ විදේශීය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන දැඩි සීමාවන්ට යටත්ව සීමිත තොග ප්‍රමාණයක් පමණක් ආනයනයට අවසර ලබාදෙන එච්.එස්. කේත 1006.30.19 සහ 1006.30.29 දරන අමු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) පැවති රු.65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් ඉවත් කර රු.280ක සෙසු ආනයනික බදු එකතුවට යටත් කර ඇත.

මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යංශය තහවුරු කර ඇති අතර සහල් ආනයනයට රජයේ කිසිදු තීරණයක් ගෙන නොමැත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *