Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොළොන්නරුවට ‘සුදු නූල්’ වැස්සක්

1 year ago 5 K

මේ දිනවල පොළොන්නරුව ඇතුළු අවට ගම්මාන කිහිපයකටම අහසින් නූල් වැනි විශේෂයක් වැටෙන බව එම ප්‍රදේශවල ජනතාව පවසති.

මෙසේ පතිතවන දෑ සුදු පැහැති නූල් හෝ මකුළු දැල් වැනි දෙයක් වුවත් ඒවා ක්ෂණිකව කැඩී විනාශවී යන බව ද ඔවුහු පවසති.

පොලොන්නරුව, කදුරුවෙල, බැඳිවැව, ජයන්තිපුර, හිඟුරක්ගොඩ, තඹාල වැනි ප්‍රදේශවලට පෙරේදා (11 වැනිදා) අලුයම් කාලයේ මෙම නූල් පතිත වී තිබෙනු නිරීක්ෂණ වී තිබිණි. මීට දින කිහිපයකට පෙර දිඹුලාගල, සිරිපුර ප්‍රදේශවලින් ද මෙම නූල් වැටී ඇති බවට ද වාර්තා විය.

“අපටත් මේ ගැන වාර්තා වුණා. මම ඒ ස්ථානවලට ගිහින් නිරීක්ෂණය කළා. ඒවා නූල් වැනි ද්‍රව්‍යක් වුණත් ඇල්ලුව ගමන් කැඩිලා යනවා. විනාශ වෙනවා. තඹාලෙන් තමයි වැඩියෙන්ම දකින්න ලැබු‍ණේ. පොළොන්නරුව මහ රෝහලට ආසන්නයෙත් ජයන්තිප්පුර, බැඳිවැව, කදුරුවෙල ආදී ප්‍රදේශවලිනුත් වැඩි වශයෙන් ආරංචි වුණා. දැනට මේ මොනවාද කියලා හරියටම කියන්න බෑ. අපි මේවා සාම්පල් ටිකක් පරීක්ෂණ සඳහා යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.’’ මේ පිළිබඳව අදහස් දැක්වූ පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඒම්. අලහකෝන් කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම නූල් වැනි දෑ පතිත වීම නිසා ජයන්තිපුර ප්‍රදේශයේ පෙර පාසල් කිහිපයක් ද වසා දැමීමට පියවර ගෙන තිබුණි. මීට වසර ගණනාවකට පෙරද මෙවැනිම සුදු පැහැති නූල් වර්ගයක් අහසින් පතිත වී ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *