මේ දිනවල පොළොන්නරුව ඇතුළු අවට ගම්මාන කිහිපයකටම අහසින් නූල් වැනි විශේෂයක් වැටෙන බව එම ප්‍රදේශවල ජනතාව පවසති.
මෙසේ පතිතවන දෑ සුදු පැහැති නූල් හෝ මකුළු දැල් වැනි දෙයක් වුවත් ඒවා ක්ෂණිකව කැඩී විනාශවී යන බව ද ඔවුහු පවසති.
පොලොන්නරුව, කදුරුවෙල, බැඳිවැව, ජයන්තිපුර, හිඟුරක්ගොඩ, තඹාල වැනි ප්‍රදේශවලට පෙරේදා (11 වැනිදා) අලුයම් කාලයේ මෙම නූල් පතිත වී තිබෙනු නිරීක්ෂණ වී තිබිණි. මීට දින කිහිපයකට පෙර දිඹුලාගල, සිරිපුර ප්‍රදේශවලින් ද මෙම නූල් වැටී ඇති බවට ද වාර්තා විය.
“අපටත් මේ ගැන වාර්තා වුණා. මම ඒ ස්ථානවලට ගිහින් නිරීක්ෂණය කළා. ඒවා නූල් වැනි ද්‍රව්‍යක් වුණත් ඇල්ලුව ගමන් කැඩිලා යනවා. විනාශ වෙනවා. තඹාලෙන් තමයි වැඩියෙන්ම දකින්න ලැබුණේ. පොළොන්නරුව මහ රෝහලට ආසන්නයෙත් ජයන්තිප්පුර, බැඳිවැව, කදුරුවෙල ආදී ප්‍රදේශවලිනුත් වැඩි වශයෙන් ආරංචි වුණා. දැනට මේ මොනවාද කියලා හරියටම කියන්න බෑ. අපි මේවා සාම්පල් ටිකක් පරීක්ෂණ සඳහා යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.’’ මේ පිළිබඳව අදහස් දැක්වූ පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඒම්. අලහකෝන් කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම නූල් වැනි දෑ පතිත වීම නිසා ජයන්තිපුර ප්‍රදේශයේ පෙර පාසල් කිහිපයක් ද වසා දැමීමට පියවර ගෙන තිබුණි. මීට වසර ගණනාවකට පෙරද මෙවැනිම සුදු පැහැති නූල් වර්ගයක් අහසින් පතිත වී ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!
චමරි අතපත්තු ප්රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ