ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ්, කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමගයි.
මේ අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 54 ජයක් ලැබූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය.
ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින ගෝල් මාවල්ස් කණ්ඩායම තරග 7කට සහභාගි වී ඉන් තරග 5ක් ජයගෙන රැස්කර ගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10කි.
