ශ්‍රී ලංකා සංචාරයක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි, සංචාරකයන් වෙත ආහාරපාන හා නවාතැන් පහසුකම් සපයන ආයතන සඳහා කොන්දේසිවලට යටත්ව සැර අඩු මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබා දීමේ යෝජනාව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා .
ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ “සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරකයන් වෙත ආහාරපාන හා නවාතැන් පහසුකම් සපයන ආයතන සඳහා කොන්දේසිවලට යටත්ව මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධව මා විසින් සිදුකරන ලද ඉල්ලීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට හැකිවීම පිළිබඳව සතුටට පත් වෙමි . මේ තුළින් සංචාරක කර්මාන්තයට ඉදිරියේ විශාල යහපත් බලපෑමක් එල්ලවනු ඇතැයි අපේක්ෂා කරමි.” යනුවෙනුයි.